2026-04-17 08:12:00 Hours
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.
අදාළ බහුදින ධීවර යාත්‍රාව ඊයේ (16) දිනයේ දී නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
මේ සමඟ යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගු දුර මෙහෙයුම් නෞකා ඒකකය මඟින් සිදුකල මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනුණා.
බහුදින ධීවර යාත්‍රාව තුල ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය පරික්ෂාවට ලක් කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk