2026-04-03 15:02:00 Hours

කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් නිසා පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට මහජන විරෝධය


...

හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මඟින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා පැමිණි නිවාස සංවර්ධන හා ඉදිකිරීම් ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් මහතාට ප්‍රදේශවාසීන් ඊයේ (02) විරෝධය පළකළා.

එම විරෝධය සමඟ නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.

හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඇරඹීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටළු මතුවන බව පවසමින් දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර, මාරසිංහවත්ත, හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල ජනතාව ඊයේ (02) දහවල් විරෝධතාවක නිරත වුණා.

ඔවුන් සිය විරෝධතාවයෙන් පෙන්වා දී ඇත්තේ මෙමඟින් දැඩි පාරිසරික ගැටළු මතුවන බවයි.

විරෝධතාව අතරවාරයේ දී නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් එම ස්ථානය වෙත පැමිණ තිබූණේ වෙළෙඳසලකට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදියි.

එහිදී ගැටලුව සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළ අවස්ථාවේ එය ගැටළුවක් නොවන අයුරින් ඉදි කරන බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් විරෝධතාකරුවන් ඊට එකඟ නොවීම සමඟ නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය අතර එහිදී ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk