2026-04-07 12:38 Hours

ජනාධිපතිගේ සහන පැකේජය මෙන්න


...

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානාය මහතා මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණ තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ වර්ථමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති බවත් රජයක් ලෙස ඒ සම්බන්ධව අවධානය යොමු කළ බවත්ය.

මෙහිදී ඉන්ධන හා බලශක්ති සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ බවද ඔහු මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා කියා සිටින්නේ ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.

වෙළෙඳපොල වටිනාකමට අනුව මේ වන විට ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් ඉක්මවන බවද ඒ මහතා මෙහිදී පැවසුවා.

“එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රු කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

කෙසේ වුවත් නිසි දත්ත සපයා ගැනීමක් නොමැති වීම හේතුවෙන් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් මිල වෙළෙඳපොල මිලට ගැලපීමට තීරණය කළ බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මේ අනුව පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් 100ක වියදමක් රජය විසින් දැරීමට තීරණය කළ බවත් ඒ සඳහා මාස තුනක් සඳහා රුපියල් කෝටි 6,000ක් රජයට වැයවෙන බවයි.

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දීම:

- රුපියල් 7,500/- ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබා දීම. - රුපියල් 5,000/-ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම. - රුපියල් 2,500/- ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දීම.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk