2026-03-08 23:01:00 Hours

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ජය ඉන්දියාවට


...

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් ඉන්දියාව ලකුණු 96ක ජයක් ලබා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම අහ්මදාබාද් ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කළා.

මෙම ලකුණු පුවරුව සැලකෙන්නේ විස්සයි විස්ස ලෝක කුසලන අවසන් මහා තරඟයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉන්දියාව සිය ඉනිමේ දී නවසීලන්ත පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ආරම්භයක් ලබාගත් සංජු සැම්සන් සහ අභිෂේක් ශර්මා පළමු කඩුල්ලට පන්දුවාර 7යි 1ක් පන්දුවකදී ලකුණු 98ක සබඳතාවක් ගොඩනැගුවා.

අභිෂේක් පන්දු 21කදී ලකුණු 52කට දැවී ගියද ඉන්දීය ලකුණු පුවරුවට ඉන් කිසිම බලපෑමක් වුණේ නැහැ.

ඉන්පසු දෙවන කඩුල්ලට ඉෂාන් ක්‍රිෂාන් හා සංජු සැම්සන් පන්දු 48කදී ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගුවා.

ඔවුන්ගේ ඉනිමේ 16 වන පන්දුවාරය ක්‍රියාත්මක වන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 200 සීමාව පසුකර ගියා.

කෙසේ වෙතත් තරඟයේ පන්දුවාර 15 පන්දුවාරයේ කඩුලු 2ක් දැවී යාම සමඟ ඉන්දීය ඉනිමේ ප්‍රවේගකාරී ඉනිම යම් අඩාල වීමකට ලක් වුණා.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර කිහිපයේ ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ශිවාම් ඩූබේ ඉන්දීය කණ්ඩායම ලකුණු 255 සීමාවට රැගෙන ගියා.

ඔහු පන්දු 8කින් ලබාගත් ලකුණු 26ට හතරේ පහර 3ක් සහ හයේ 2ක් ඇතුළත් වූණා.

ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා පන්දුවාර 19 කදී ලකුණු 96කට කට දැවී ගියා.

නවසීලන්තය වෙනුවෙන් Tim Seifert ලකුණු 52ක් ලබාගත් අතර නායක Mitchell Santner ලකුණු 43 ලබාගනු ලැබුවා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් සිදුකළ Jasprit Bumrah ලකුණු 15කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

Axar Patel කඩුලු 3ක් බිඳ හෙළුවා.

ඉන්දීය කණ්ඩායම මේ අනුව පිට පිට දෙවතාවක් ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ජයගත් කණ්ඩායම ලෙස ඉතිහාසගත වනවා.

ඔවුන් මීට පෙර 2024 වසරේ දී පැවැති ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ද ජයගනු ලැබුවා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මේ අනුව ඉන්දියාව ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය දිනාගත් තෙවන අවස්ථාව වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk