2026-04-13 10:04:00 Hours
කැලණිය විශ්ව විද්‍යාලයෙන් 91 / 92 අධ්‍යයන වර්ෂවල සිසුන්ගේ වාර්ෂික සුහද හමුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ ඇමැති විජිත හේරත් මහතා සහභාගී වී නොමැති බව වාර්තා වනවා.
මේ වසරේ එම සුහද හමුව කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ දී පැවැත්වුණා.
කෙසේ වෙතත් ගියවර ජනාධිපතිවරයා මේ සුහද හමුවට සහභාගී වී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා පමණක් ඊට එක්ව ඇති බව වාර්තා වනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 91 / 92 වසරේ කැළණි සරසවියේ අධ්‍යාපනය හැදෑරු අයෙකි.
ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජනාධිපති ලේකම් ඇතුළු ආණ්ඩුවේ සහ රජයේ ප්‍රධාන තනතුරු රැසක කැලණිය විශ්ව විද්‍යාලයේ සිටි ජනාධිපතිවරයාගේ සමකාලීනයන්ට ලබාදීම පසුගිය සමයේ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk