2026-04-01 23:04:00 Hours
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දා කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ විදේශ ගමන්වලින් ද වැළකී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දන්වා ඇති බවයි.
විශ්වාසභංග යෝජනාව ලබන 10 වනදා විවාදයට ගැනීමට නියමිතයි.
යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම එදිනම පැවැත්වීමට නියමිත බව සඳහන්.
මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් එකඟත්වය පළකර තිබෙනවා.
සමඟි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk