2026-04-13 09:37:00 Hours

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායෙන් ප්‍රතිචාර


...

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකාවක් ළඟා වීම යනු සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ සටන් විරාමය උල්ලංඝනය කළහොත් ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම බලකාය අවධාරණය කර ඇති බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරාන ඉස්ලාමීය විප්ලවාදී බලකාය මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

එම බලකාය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම නීතිය බලපාන්නේ යුද නෞකාවලට පමණක් බවත්, සාමාන්‍ය නෞකා ඒ සඳහා බලනොපාන බවත්ය.

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කළා - ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ සිය truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්.

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්ථානයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ පසුබිමක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක් වනවා.

ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ

“වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ හොඳම එක්සත් ජනපද නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.”

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ දී ඉරානයට ගාස්තු ගෙවනු ලබන නෞකා සිය භාරයට ගන්නා ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා එරට නාවික හමුදාවට නියෝග කර තිබෙනවා.

ට්‍රම්ප් එහිදී පෙන්වා දී ඇත්තේ නීතිවිරෝධී ලෙස ඉරානයට ගාස්තු ගෙවන කිසිදු නෞකාවකට ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ නොදෙන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk