2025-10-26 19:53 Hours

ITN කතුරට හසුවුන LBW..


...

සති අන්ත ටෙලි තිරය සරසමින් දැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනා ගෙන ඇති LBW මේ දිනවල විකාශය වනවා.

ලංකාවේ අපිට ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තේමාව කරගත් නිසා මෙරට ප්‍රේක්ෂක ජනාදරය LBW වෙත ලැබෙමින් පවතිනවා.

මේ අතර ඊයේ (25) දින ටෙලි නාට්‍ය විකාශය වූ කොටසේ යම් කොටසක් රුපවාහිනී ප්‍රේක්ෂකයින්ට නැරඹීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණා.

අදාළ සටහන පහතින්, "LBW ටෙලිනාට්‍යයේ උමාලි සහ රන්දික, රංග කාර්යයේ නියැලෙන පෞද්ගලිකව මම කැමතිම දර්ශනයක් තමයි මේක.

ITN එකේ පාලන අධිකාරියට මෙම දර්ශනය ශුංගාරාත්මක දර්ශනයක් සේ දැනුන නිසා විනාඩි 3.30 දිග දර්ශනය විනාඩියකට ට්‍රිම් කරලා තමයි ඊයේ ටෙලිකාස්ට් කරේ.

මෙහෙම ට්‍රිම් කරාම නිර්මාණයට හානියක් වෙනවා...itn එක කියනවා ටෙලිකාස්ට් කරානම් නාලිකාවට හානියක් වෙනවා කියලා..

Itn එකේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩසටහන්) කියන විදියට හියුමන් එරස්,බැක් සයිඩ්, වීදුරු තිර වගේ ටෙලි නාට්‍ය විකාශනය වීමෙන් එයාලට විශාල වශයෙන් සමාජ ප්‍රතිවිරෝධයකට මුහුණ දෙන්න සිද්ධ වුණාලු.

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය සංස්කෘතියට නොගැලපෙන ශුංගාරාත්මක දර්ශන විශේෂයෙන්ම ජනතාවට වග කියන නාලිකාවක් විදියට ප්‍රදර්ශනය කිරීම සිදුකළ නොහැකිලු..

අධ්‍යක්ෂකවරයා විදියට මට මෙම දර්ශනය තුළ එවනි අවුලක් පේන්නේ නෑ.

ටෙලි නාට්‍ය රසිකයෙක් විදිහට පෞද්ගලිකව මට මෙම දර්ශනය නැරඹීමෙන් එහෙම හැඟීම් මෝදු වෙන්නෙත් නෑ.

මට මේ දර්ශනය ගැන තියෙන අදහස නම් අතිශය ප්‍රේමාන්විත සුන්දර මොහොතක් කියන එක විතරයි.

රන්දික ගුණතිලක උමාලි තිලකරත්න දෙන්නා ඒ දර්ශනය ඉල්ලන මූඩ් එක,ඒ දර්ශනය තුළ තියෙන ටයිම් ඇන්ඩ් ස්පේස් එක හරි ලස්සනට නිර්මාණය කරා.

මෙහෙම කපන කොට ඒ රංගන ශිල්පීන්ටත් අසාධාරණයක් වෙනවා.

ඉතින්,,

LBW බලන ආදරණීය ප්‍රේක්ෂකයන්ටත්,අදාල රංගන ශිල්පීන් ඇතුළු නිර්මාණ කණ්ඩයමේ සියලු දෙනාටත් ගෞරවයක් විදියට ඒ කොටස සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනවා.

ඊයේ කොටසේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ තියනවා වෙලා තියන දේ සියැසින් බලාගන්න."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk