2026-04-11 19:34:00 Hours

ටික දිනකට QR ඉවතට


...

උත්සව සමය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වනදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බවද ඔහු මෙහිදී කියා සිටියා.

සභාපතිවරයා පවසන්නේ අප්‍රේල් මස පිරිපහදුකළ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිත බවත් ජුනි මස අවසන් වන තෙක් පෙට්‍රල් 92 හා 95 හිඟයකින් තොරව ලබාදීමේ හැකියාව ඇති බවත්ය.

තහවුරු කරගත් නෞකාව අනුව මැයි අවසන් වන තෙක් ඩීසල් ලබාදීමට හැකියාව ඇති බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා මෙහිදී කියා සිටියේ අප්‍රේල් 13 වනදා විදුලිය සඳහා ෆර්න්ස් ඔයිල් මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් පැමිණෙන බවත් ඒ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවත්ය.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk