2026-04-09 12:54 Hours
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) සිදු කිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින්.
"මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ. මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්".
දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් සිදු කරන වැඩවර්ජනය තවදුරටත් සිදු නොකරන ලෙස තමා ඉල්ලා සිටින බවත් අද සිට වැඩ භාර ගැනීමට නියමිත නව වෛද්‍ය නිලධාරීන්ට කිසිඳු බියක් නොමැතිව රාජකාරියට වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඔහු පවසන්නේ එලෙස රාජකාරි භාර ගන්නා නවක වෛද්‍යවරුන්ට ආරක්ෂාව ලබාදීමට නියමිත බවයි.
"දවස් 5ක් වැඩවර්ජනයක් කරලා තියෙනවා. එක පැත්තකින් මැද පෙරදිග අර්බුදයක් පවතින වෙලාවක මෙහෙම වැඩවර්ජනයක් කරන එක කිසිම සාධාරණයක් නෑ. අනිත් එක මේකට හේතුව කරගෙන තියනේනේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම. ඒ පත්වීම් ලැයිස්තුව සකස් කරන්න GMOA සිටිය යුතුයි කියන ස්ථාවරයේ සිටිමින්, ඔවුන් වැඩවර්ජනය කරනවා.
පළමු පත්වීමට මාරු මණ්ඩල අදාළ නෑ. ගිය අහඟහරුවාදා මේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹට කැඳවලා තර්ජනය කළා GMOA පත්වීම් ගන්න එපා කියලා. පත්වීම් අරන් යන අය ගැන එයාලා බලාගන්නම් කිව්වා. දිගින් දිගටම මාධ්‍ය මඟින් තර්ජනය කළා පත්වීම් ගන්න එපා කියලා. හැබැයි කණ්ඩායමේ 453ක් හිටියා, ඒකෙන් 436ක් අප්‍රේල් 4 වෙද්දි අයදුම් කළා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා. ඉතුරු 17න් 16ක්ම සීමාවාසික පුහුණුවෙන් පස්සේ RHO එක හරියට නොකරපු අය. එක් අයෙක් තමා හරියට කිව්වොත් ඉල්ලුම් නොකළේ. මේ වැඩවර්ජනය කරන එක කිසිම පදනමක් නෑ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk