2025-07-18 13:51 Hours
ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ ගායිකාවක් වන කොන්සෙටා රෝසා මාරියා ෆ්රැන්කෝනෙරෝ හෙවත් බොහෝදෙනා දන්නා කොනී ෆ්‍රැන්සිස් නමැති අමෙරිකානු පොප් ගායිකාව මියගොස් තිබේ.
මියයන විට ඇය 87 වැනි වියෙහි පසුවිය.
1962 දී ඇය විසින් ගායනා කරන ලද 'ප්‍රිටී ලිට්ල් බේබි' ගීතය මෑතකදී ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යළිත් වරක් අසීමිත ලෙස ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඇයගේ එම ගීතයට යළිත් පුනර්ජීවනය ලැබීය.
ඇගේ ඇතැම් ගීත සමාජ මාධ්‍යකරුවන් විසින් බෙදාගත් විට නැරඹුම් වාර මිලියන 158 ඉක්මවූ අවස්ථා මෑතදී වාර්තා විය.
"මට ඒක ආයේ අහන්න වුණා ඒ ගීතයේ වචන ටික මතක් කරගන්න. මීට වසර 63 කට පෙර මා පටිගත කළ ගීතයක් මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත් වර්තමානයේදීත් ස්පර්ශ කරන බව සිතීම සැබවින්ම අපූරුය. ඒක පුදුමකාර හැඟීමක්." මේ ඇය ප්‍රිටි ලිට්ල් බේබි මාස ගිහිපයකට පෙර එකවර ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් කී කතාවයි.
ඇයගේ Cupid සහ Who's Sorry Now යන ගීත ද ලොව පුරා අලෙවි වාර්තා තැබූ ගීතයන් ය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk