2025-09-21 10:29:00 Hours

ඩුබායි පිටියේ දී සනත්ගේ දරුවන් බංගලියන් ඉදිරියේ දණ නමයි


...

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරඟ ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජය විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.

ඩුබායි හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමු පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 37කින් ලකුණු 64ක් රැස්කළ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman කඩුළු 3ක් දවා ගත් අතර Mahedi Hasan කඩුළු 2ක් සහ Taskin Ahmed එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගියා.

බංග්ලාදේශයේ ජයග්‍රහණය කරා ගෙන යාමට ආරම්භක පිතිකරු සයිෆ් හසන් ලකුණු 61ක් සහ මැදපෙළ පිතිකරු තව්හිද් රිදෝයි ලකුණු 58ක් රැස්කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් වනිඳු හසරංග හා දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 4 දෙනාගේ වටයේ මීළඟ තරඟය ලබන අඟහරුවාදා පාකිස්ථානය සමඟ පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරඟය කරා යාමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා ඉතිරි තරඟ දෙක ජය ගැනීම අනිවාර්ය වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk