2025-06-21 09:27:00 Hours

හර්ෂණගේ පාර්ලිමේන්තු අසුනට උපුල්?


...



මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම එම අසුන වෙත පත්කිරීමේ ඉඩක් ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබේ.

ඊයේ දින මෙම ඉල්ලා අස්වීම සිදුවූ අතර හිස්වූ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවට ද දන්වා ඇත.

කෙසේවෙතත් මැතිවරණයකින් පරාජය වූ මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙනඒමට විරුද්ධ බවට ජජනතා විමුක්ති පෙරමුණ ‍පෙර සිටම පැවසුවද එම පක්ෂය ද ගෙවුණු මැතිවරණවල අවස්ථා කිහිපයකදී මෙම ප්‍රතිපත්තිය බිඳදැමීය.

උපුල් කුමාරප්පෙරුම ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජනබලවේගයේත් දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස සක්‍රියව කටයුතු කරන්නෙක් වන අතර ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට මතයක් මාලිමා සන්ධානය තුළ පවතින බවට ද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටින බහුතරය අධ්‍යාපනය අතින් ඉහළ සුදුසුකම් සහිතවූවන් වුවද ඔවුන්ගෙන් බොහොමයක් දෙනාට දේශපාලන අත්දැකීම් ඇත්තේ අවම පලපුරුද්දකි.

කෙසේවුවත් සක්‍රිය දේශපාලන පලපුරුදුකරුවකු මෙන්ම නීති ක්ෂේත්‍රයේ ඇති හසල දැනුමද මෙහිදී උපුල් කුමාරප්පෙරුම මෙම ධුරයට පත්කිරීම වෙනුවෙන් සළකා බැලීමට වැඩි වාසියක් අත්කරගනු ඇති බවට ද පැවසේ.

මහින්ද සිරිවර්ධන විශ්‍රාම යාම නිසා පෙරේදා හිස්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය ලැබීම වෙනුවෙන් හර්ෂණ සුරියප්පෙරුම ඉල්ලා අස්වීම කළ බවට ද වාර්තා වේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk