2025-09-02 14:32 Hours

පෙරටුගාමී පක්ෂයේ කාර්යාලයකට පහරදීමක්


...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යක්කල කිරිදිවැල පාරේ සල්මල් පෙදෙස ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (01) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

සිදුවීම් සම්බන්ධයෙන් ඔවුන් මේ වන විට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එම පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව මහතා මුහුණු පොත වෙත සටහනක් තබමින් සඳහන් කළේ මෙම පහරදීම ආණ්ඩුව විසින් කරනු ලැබුවක් බවයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු ආණ්ඩුවේ පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහරදෙමින් බලහත්කාරයෙන් කාර්යාලය අත්පත් කරගැනීමට උත්සාහ කරන බවයි.

පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙලෙස කඩු පොලු රැගෙන කාර්යාලයට කඩා වැදී තිබෙනවා, එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් ද අයත් බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම මෙලෙච්ඡ ප්‍රහාරය නැවත්වීම සඳහා පොලීසිය කිසිඳු මැදිහත් වීමක් සිදුකර නොමැති බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායම සතු වූ මෙම කාර්යාලය දැනට අවුරුදු 14ක් තිස්සේ එම පක්ෂය විසින් පරිහරණය කරන අතර මෙම පක්ෂයේ මැතිවරණ කටයුතු, පක්ෂ සංවිධාන කටයුතු, බහුජන මැදිහත් වීම් ආදී සියලු නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වී තිබුණා.

නඩු තීන්දුවක් ඇතැයි පවසමින් ආණ්ඩුවේ පිරිස් මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත්ම යුක්ති සහගත නොමැති බවද පුබුදු ජාගොඩ මහතා පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk