2025-10-15 11:36 Hours

හිටපු ඇමති මනුෂ අල්ලස් කොමිසමට පැමිණෙයි


...

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

අද (15) උදෑසන ඔහු එම කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේ දී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මනුෂ නානායක්කාර මහතා මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අල්ලස් කොමිසම විසින් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (14) නිෂ්ප්‍රභ කර තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk