2025-09-20 13:43 Hours

අද සිට පුංචි තිරය සරසන


...

ටෙලි නාට්‍යය කලාවේ සුවිශේෂී සළකුණක් සනිටුහන් කරමින් Adam & Eve සමාගම, ක්‍රිකට් ක්‍රීඩාව තේමාව කරගනිමින් සිය ප්‍රථම ටෙලි නාට්‍ය නිෂ්පාදනයවන ටෙලි නාට්‍ය කලාවේ අමතක නොවන ප්‍රවණතා නිර්මාණය කරන "LBW - කඩුල්ලට පෙර ජීවිතේ " අද(20) සිට සෑම සති අන්තයකම රාත්‍රී 08.30 ට ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් විකාශය වනවා.

සන්නිවේදන, සන්නාමකරණ සහ වැඩසටහන් සංවිධානය මෙන්ම ඉසව් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Adam & Eve ක්‍රිකට් ක්‍රීඩාව සහ ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ සිහින තේමා කරගත් උද්වේගකර මෙන්ම සිනමාරූපී භාවිතයක් මුසුවු දැවැත්ත ටෙලි නාට්‍ය නිෂ්පාදනයකට යොමු වෙමින් ප්‍රේක්ෂකයන්ට නැවුම් වූ බලාපොරොත්තුවක් ලබාදෙයි.

Adam & Eve මඟපෙන්වීම යටතේ උපක්‍රමික සන්නිවේදන සහ කතා කලාවේ විභවතා ඔප් නම්වමින් නිමවන LBW ටෙලි සිත්තම ලාංකිකයන් අනුරාගයෙන් බැදී සිටින ක්‍රිකට් ක්‍රීඩාවේ නොකි කතාවක් ඔස්සේ නිර්මාණය වී ඇත.

තරුණ්‍යයේ ව්‍යවසායකත්ව සිහින හඹා යන විශ්විවිද්‍යාල සිසුවකුගේ ජිවන සිහිනයන් ඔස්සේ අඛණ්ඩ කුතුහලයෙන් ඉදිරියට ඇදෙන LBW ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ අඩෝ, තුන්පනේ, තත්ත්පරයක් දෙන්න, ලලයි ලිලයි ලයි, හියුමන් එරර්ස් වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ සම්මානිත අධ්‍යක්ෂවරයෙකුවන සුපුන් රත්නායක විසිනි.

විවිධත්වයෙන් සහ නිර්මාණශීලිත්වයෙන් මෙන්ම කුසලාතා බහුල රංගන ශිල්පි ශිල්පිනියන්ගේ මුසුවෙන් සිත්තම් වන LBW ටෙලි සිත්තමට ජනප්‍රිය නළු රන්දික ගුණතිලක, සම්මානීය නිළි උමාලි තිලකරත්න මෙන්ම සම්මානිත රංගන ශිල්පීන් ශිල්පිනයන් වන ගිරාන් දි චිකේරා, මැල්කම් මචාඩෝ, ශ්‍යාම් ප්‍රනාන්දු, පුබුදු චතුරංග, නදිශා හේමමාලි සහ රොජර් සෙනෙවිරත්න ඇතුළු තවත් ප්‍රමුඛ පෙළේ නළු නිළියන් රැසක් සිය දායකත්වය සපයනු ලබනවා.

සන්නාම සංවර්ධනයේ සහ නිර්මාණාත්මක අලෙවිකරණ කලාවේ පුරෝගාමි ප්‍රවීණයකුවන සාරංග විජේරත්න නිෂ්පාදනය කරන ටෙලි සිත්තමට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැත්තයෙකු වන සුදේව හෙට්ටිආරච්චි විධායක නිෂ්පාදනයෙන් දායක වනවා.

දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාම රැසක් විශිෂ්ටත්වයට පරිවර්තනය කළ අත්දැකීම් ඔස්සේ Adam & Eve සමාගම නව මානයකට ඔසවා තැබීම LBW ටෙලි නාට්‍ය හරහා සිදුවෙනු ඇති.

LBW නිර්මාණශිලී ටෙලි පිටපත රචනය සිදුකරන්නේ මානව සම්පත් සංවර්ධන දේශකයෙක් සහ ලේඛකයෙක් වන කැලූම් වැලිගමයි. ජීවිතය වෙනස් කරන කතා, තරගයේ වීරයා, පර්සෝනා සහ අසීමා ඇතුළු ජනප්‍රිය කෘතින් රැසක් රචනා කළ කැලූම් වැලිගම ව්‍යාපාර ලෝකය, මනෝවිද්‍යව, මානව හැඟීම්දැනීම් පිළිබඳ සාරය රසවත්ව මුසු කරමින් රචනා කළ වෙනස් ආරයක කතාවක් LBW ටෙලිනාට්‍ය ඔස්සේ ඔබේ ආලින්දය ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යනු නිසැය.

Adam & Eve දැවැන්ත ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වෙමින් මහා පරිමාණ සන්නාම සංවර්ධන, අලෙවිකරණ සහ කලාත්මක ව්‍යාපෘතින් රැසක් දියත් කිරීමට අවශ්‍ය නිර්මාණාත්මක සහ තාක්ෂණික පසුබිම ක්ෂේත්‍රයේ සනිටුහන් කරයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk