2025-08-05 23:33 Hours

මුහුණුපොතේ වෙන්ස් වුණු දේශබන්දුගේ මුහුණ


...



තනතුරින් පහ කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුමේ නිල ඇඳුම සහිතව යොදා තිබූ ප්‍රධාන පින්තූරය ඉවත්කර තිබේ.

අද (05) රාත්‍රියේම ඒ වෙනුවට වෙනත් ඡායාරූපයක් ඇතුලත් කර ඇත්තේ ඔහු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 177කින් සම්මත වූ පසුබිමකදී ය.

එමෙන්ම ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පුද්ගලික තොරතුරු යටතේ වූ තනතුරු පිළිබඳ විස්තර සියල්ලද මකා දමා ඇත.

මෙහි විශේෂත්වය වන්නේ පසුගිය පෙබරවාරි 4 වැනිදායින් පසුව මාස 6ක පමණ කාලයක් අක්‍රීයව තිබූ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඊයේ රාත්‍රී සිට මෙලෙස යාවත්කාලීන කර තිබීමයි.

වැලිගම හෝටලයේ සිද්ධියට අදාළව අධිකරණ වරෙන්තු මත පොලීසිය අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටියදී ඔහු අතුරුදන්ව සිටි කාලසීමාව පුරාවටද ඔහුගේ ෆේස්බුක් ගිණුම තුළ කිසිදු යාවත්කාලීන වීමක් සිදුනොවීය.

අද (5) පාර්ලිමේන්තුවේදී පැවති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ඡන්ද විමසීමේදී එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූයේ එකඳු මන්ත‍්‍රීවරයකුගේ හෝ විරුද්ධත්වයකින් තොරවයි.

...


පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk