2025-10-09 07:38:00 Hours
රිය අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබ් ගායක රාජ්වීර් ජවන්දාගේ මියගොස් තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මාරාන්තික තුවාල ලබා දින 11කට පසු ඊයේ (08) ජවන්දා මෙලෙස මිය ගොස් ඇති බවයි.
35 හැවිරිදි රාජ්විර් ජවන්දා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එකවරම මාර්ගයට පැමිණි ගවයන් රෑනක් සමඟ ගැටීමෙන් යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වනවා.
ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් රසිකයන් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බව සඳහන්.
පන්ජාබයේ තරුණයින් අතර විශේෂයෙන් ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබුණා.
රාජ්වීර් ජවන්දාගේ යූ ටියුබ් නාලිකාවට පරිශීලකයන් 900,000 කට වඩා සිටින අතර ඔහුගේ සංගීත වීඩියෝ නැරඹුම් වාර මිලියන ගණනක් නරඹා ඇති අතර ජවාන්ඩා පන්ජාබි චිත්‍රපට කිහිපයක ද රඟපා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk