2025-09-08 21:41 Hours

එජාප - සජබ දීගය හරියයි වගේ


...

මුලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ සමඟ අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

මෙහිදී සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මඟින් ක්‍රියා කිරීමට ද එජාපය අදහස් කර ඇති බව සඳහන්.

සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙක් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය පිළිබඳව පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරනු ලැබුවා.

එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ එම සාකච්ඡාවල දී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවයි.

ඒ අනුව සමඟි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk