2025-10-14 08:06:00 Hours
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පද්මේ'ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් සිව් දෙනෙක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණය වූ කරුණු මත රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහසිගත මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකර ඇත්තේ ජාත්‍යන්තර පොලීසියේ ද සහයෝගය මතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk