2025-10-10 07:48:00 Hours

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර තීරු බදු 3%ක් දක්වා අඩු කරයි


...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් රොඩ්නි ස්ටාමර් ඉන්දියාවේ නිල සංචාරය ඊයේ (09) ආරම්භ කළා.

කියර් රොඩ්නි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය මෙය වනවා.

ඉන්දියාවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මුම්බායි හිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී ඇති බව සඳහන්.

දෙරට අතර ව්‍යාපාරික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඓතිහාසික සංචාරය ඉවහල් වනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නව වෙළෙඳ ගිවිසුමට අනුව බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා වන තීරු බදු 15% සිට 3% දක්වා අඩු කිරීමට තීරණය වී ඇති බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk