2025-07-17 09:12 Hours
එදා කණ්ඩලම හෝටලය ඉදිකිරීම් අරඹන්නේ මහා ලොකු විරෝධයක් මැද්දේය. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පවා මේ විරෝධය මැඬලීමට විවිධ අයුරින් මැදිහත් වූ බව පැවසේ. එසේම එවකට රන්ගිරි දඹුල්ල රජ මහා විහාරාධිපති හිමියන්ද කණ්ඩලම විරෝධයේ පෙරමුණ ගත් බව නොරහසකි.
මේ කියන්නට යන්නේද එවකය දැඩි ලෙස කණ්ඩලම විරෝධියෙක් ලෙස කටයුතු කළද පසුව කණ්ඩලම හෝටලයේ සාමාන්‍යාධිකාරී තනතුරට පත්ව පසුව කණ්ඩලම හෝටලය අයත් එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයේ සහකාර උප සභාපතිධුරයට පත්වූ අයෙකු පිළිබඳ කතාවයි.
ඔහු නමින් ප්‍රියාන් විජේරත්නය. කණ්ඩලම හෝටලයට එරෙහි විරෝධතා පැවැති 1991 කාලයේ ප්‍රියාන් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ 6 හෝ 7 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. නමුත් කණ්ඩලම හෝටලයට එරෙහි විරෝධතාවල ඉදිරියෙන්ම සිටි අයෙකි.
නමුත් කාලය මේ සියල්ලටම පිළිතුරු ලබා දුන් අතර එදා කණ්ඩලම විරෝධියෙකු වූ ප්‍රියාන්ටත් කාලය ලබා දුන්නේ අපූරු පිළිතුරකි. කණ්ඩලමට එරෙහි ජනතා විරෝධය කෙමෙන් කෙමෙන් තුනී වීමෙන් අනතුරුව කණ්ඩලම හෝටල 1994 වසරේදි විවෘත කිරීමෙන් අනතුරුව 2005 දෙසැම්බර් මසදී නවීකරණය කර යළි විවෘත කරන ලදී.
එදා කණ්ඩලම විරෝධියෙක් වූ ප්‍රියාන්ට කාලයාගේ ඇවෑමෙන් පිළිතුරු ලැබෙන්නේ 2005 වසෙරේදීය. ඒ ප්‍රියාන් කණ්ඩලම හෝටලයේ සේවයට එක්වීමත් සමඟිනි. විටෙක එය ප්‍රියාන්ටත් කණ්ඩලම හෝටලයටත් දෛවය ලබාදුන් සරදමක් දෝ යි කියන්නටත් හැකිය.
එලෙස කණ්ඩලම හෝටලයේ සේවයට එක් වූ ප්‍රියාන් විජේරත්න කණ්ඩලම හෝටලයේ සාමාන්‍යාධිකාරී තනතුර දක්වාම ඉහළට එන්නේ කණ්ඩලම නාමය සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම තැනක රඳවමිනි. කොවිඩ් අර්බුදය පැවති 2021 වසරේදී කණ්ඩලම හෝටලය වසා දැමීමෙන් අනතුරුව යළි එහි ගුණාත්මක සේවයක් ලබාදීම වෙනුවෙන් ප්‍රියාන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන ලදී.
මේවන විට ප්‍රියාන් කණ්ඩලම හෝටලය අයත් එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයේ සහකාර උප සභාපතිධුරයට පත්ව ඇත. ඒ එහු කණ්ඩලම ලෝකයේ ඉහළින්ම තබන්නට දැක් වූ දායකත්වය නිසාම විය හැක.
ඒ ප්‍රියාන් විජේරත්නගේ විවාහය අද (17) පැවැත්වෙන්නේත් කණ්ඩලම හෝටලයේ දීමය. දැන් ප්‍රියාන්ට කණ්ඩලමත් කණ්ඩලමට ප්‍රියානුත් නැතිවම බැරි වී ඇත.
ප්‍රියාන් සමඟ විවාහ ගිවිස ගන්නේ නාමලී ඒකනායක මෙනවියයි. ඇය හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායකගේ දියණියයි. එසේම 20015 මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයෙන් තරඟ කර ප්‍රියාන් විජේරත්නව මනාප 62 කින් පරාජය කර පාර්ලිමේන්තුවට පිවිසුණු රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියගේ වැඩිමහල් සොහොයුරියගේ දියණියයි.
එදා මැතිවරණයේ දී ප්‍රතිවාදීන් වූ දෙපාර්ශවයක් අද එක්වන්නේ දේශපාලයේදී සැමදා සතුරන් හෝ මිතුරන් නොමැති බව යළි පසක් කරමිනි. අදවන විට ප්‍රියාන්ට කණ්ඩලමත් කණ්ඩලමට ප්‍රියානුත් නැතිවම බැරි වී තිබෙනවා සේම ඉදිරියේදී ප්‍රියාන්ගේ පවුලට කවිරත්න පවුලත්, කවිරත්න පවුලට ප්‍රියාන්ගේ පවුලත් නැතිවම බැරිවනු ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk