2025-10-15 10:22 Hours
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක් හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බවයි. ඊට අමතරව එම මලු තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය අතුරින් අයිස් කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වනවා. ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තවද මෙම මලු 51 අඩංගු මත්ද්‍රව්‍යවල සමස්ත බර කිරා අවසන් වූයේ අද (15) පාන්දර 5ට පමණ බවයි. තංගල්ල රැකව මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු උර තොගයක් ධිවරයින් පිරිසක් විසින් දැක තිබූ අතර ඔවුන් විසින් ඒ සම්බන්ධව වෙරළාක්ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව දැනුවත් කර තිබුණා. මේ අනුව එම පාර්සල් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව පියවර ගෙන තිබූ බව සඳහන්. මෙම මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවටයි තොරතුරු වාර්තා වන්නේ. යාත්‍රා 3ක් මඟින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙනැවිත් ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදු කර තිබුණා. අදාළ යාත්‍රාවල පිරිස් සම්බන්ධ කරගත් ඔවුන් ඒ සම්බන්ධව නිශ්චිත තොරතුරක් ලබාදී තිබුණේ නැහැ. නාවික හමුදාව සඳහන් කළේ යාත්‍රා පවතින ස්ථාන හඳුනා ගැනීම සඳහා එහි සවිකර තිබූ ආරක්ෂක පද්ධතිය ද ඔවුන් ක්‍රියාවිරහිත කර තිබූ බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk