2025-10-11 20:45:00 Hours
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් භාවිතා කරමින් සිට නැවත රජයට භාර දුන් වෙඩි නොවදින වාහන ආපසු ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙනවා.
පසුගියදා සම්මත වූ ජනාධිපති අයිතිවාසිකම් පනත අවලංගු කිරීමෙන් පසු එම වාහන මෑතකදී ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලයකට භාර දී දීමට සිදුවුණා.
කෙසේ වෙතත් මෙම සතියේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කරන බවයි.
මෙම කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා සහ පොලිස්පතිවරයා ඇතුළත් වනු ඇති.
කමිටුවේ සාකච්ඡාවලින් පසුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක විධිවිධාන සහ වෙඩි නොවදින වාහන සම්බන්ධව තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk