2025-09-15 09:54 Hours

ඕවන් කූපර් එමී සම්මාන උළලේ ලාබාලතම නළුවා සම්මානය දිනා ගනී


...

අමෙරිකාවේ පවත්වන 'එමී සම්මාන උළලේ' දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත්ව තිබෙනවා.

ඔහුට මෙම සම්මානය හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වූ ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහායි.

15 හැවිරිදි වියේ පසුවන ඕවන් කූපර් මෙම සම්මානය දිනාගැනීම සම්බන්ධව විදෙස් මාධ්‍යවල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මේ අතර මෙවර එමී සම්මාන උළලේ දී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොදම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk