2025-10-11 19:59 Hours
එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක අමතර තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඊට අමතරව විවේචනාත්මක මෘදුකාංග' (critical software) සඳහා අපනයන පාලනයන් පැනවීමටත් ද ඔහු තීන්දු කර ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව තීරු බදු සහ පාලනයන් 2025 නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ට්‍රම්ප් මෙම තීන්දු ගනු ලැබුවේ චීනය විසින් දුර්ලභ පාංශු ඛනිජ අපනයනය සඳහා නව පාලනයන් පැනවීමෙන් පැය කිහිපයකට පසුවයි.
චීනය මෙම ඛනිජවල ගෝලීය සැපයුමෙන් 70%ක පමණ සපයනු ලබන අතර මෝටර් රථ, ආරක්ෂක අංශ සහ අර්ධ සන්නායක වැනි ඉහළ තාක්ෂණික කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය වනවා.
කෙසේ වෙතත් චීනයේ වාණිජ අමාත්‍යාංශය නිවේදනය කළේ දෙසැම්බර් 1 වනදා සිට එම රටෙන් ලැබෙන දුර්ලභ පාංශු ඛනිජවලින් 0.1%ක වඩා අඩංගු නිෂ්පාදන අපනයනය කිරීමට විදේශීය ආයතන බලපත්‍රයක් ලබාගත යුතු බවයි.
චීනයෙන් ආනයනය කරන සෑම භාණ්ඩයක්ම පාහේ දැනටමත් අධික තීරු බදුවලට යටත් වන අතර වානේ සහ ඇලුමිනියම් සඳහන් 50% සිට පාරිභෝගික භාණ්ඩ සඳහා 7.5% දක්වා නිශ්චිත බදු මට්ටම් පැවතිය ද චීන ආනයන සඳහා වත්මන් 'ඵලදායී' තීරුබදු අනුපාතය සියයට 40ක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
නව 100% අමතර තීරු බද්ද සමඟින් සමස්ථ තීරු බදු මට්ටම් ඉතා ඉහළ අගයක් ගනු ඇති.
මෙය ගෝලීය වෙළඳාමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි වෙළෙඳ විශ්ලේෂකයෝ සඳහන් කරන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk