2025-10-14 07:11 Hours

ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින් අත්සන් කරයි


...

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසුව ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තුවේ පැවැති සමුළුවේ දී මෙම සටන් විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, තුර්කි ජනාධිපතිවරයා, කටාර් එමීර්වරයා ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබෙනවා.

ගාසා තීරයේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා ඊශ්‍රායලයට භාරදීමෙන් පසුව ගිවිසුම අත්සන් තැබීම සිදුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ රැඳවියන් 1,700කට වැඩි පිරිසක් නිදහස් කිරීම ද මෙහිදී සිදුව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk