2025-10-07 11:00 Hours

LPL තරඟාවලියට ඉන්දීය ක්‍රීඩකයනුත් එයි?


...

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.

තරඟ සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තරඟාවලියේ 6 වන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහභාගී වන බවයි.

ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටයි.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලද ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩා කර තිබුණා.

ඉන්දීය සංචිත ගත හෝ IPL සඳහා ක්‍රීඩා කරන ඉන්දීය කිසිඳු ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් ක්‍රිකට් ලීගයක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසර ලබානොදීම හේතුවෙනි.

මෙවර තරඟාවලිය හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතයි.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

‍ මෙවර තරඟාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk