2025-07-24 09:55:00 Hours

ශාරුක්ගේ අඩුව පුරවන්න රිතික් ලංකාවට (Video)


...



සුපිරි බොලිවුඩ් තරු ශාරුක් ඛාන් පැමිණීමට නියමිතව තිබී පසුව ඔහු නොපැමිණෙන බව පැවසූ City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තවත් ඉන්දීය චිත්‍රපට සුපිරි තරුවක් වන රිතික් රෝෂන් ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

City of Dreams Sri Lanka හි නිල ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් ඔස්සේ ඔහු මේ බව පවසයි.

ඒ අනුව අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත වන City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ඔහු පැමිණීමට නියමිත ය.

City of Dreams යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) විසින් සිදු කරන ලද ව්‍යාපෘතියකි.

එය දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ නිවාඩු නිකේතනය ලෙස පිළිගැනෙන අතර ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාර අංශයේ විශාලතම පුද්ගලික අංශයේ ආයෝජනයත් සනිටුහන් කරන බව සඳහන් ය.

එහි ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ඉක්මවයි.





පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk