2025-10-13 16:09 Hours
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් අද (13) සිදු කිරීමට නියමිතයි.
මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වෙත ඊශ්‍රායලය පිරිනමන ඉහළම සම්මානය ද ඔහු වෙත පිරිනැමෙන බවට දැනුම් දෙනු ඇති බවද වාර්තා වනවා.
ඉදිරි කාලයේ දී ඔහුට මෙම පදක්කම පිරිනැමෙනු ඇති.
ඉන්පසුව ට්‍රම්ප් ප්‍රාණඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිතයි.
මෙම හමුවලින් අනතුරුව ට්‍රම්ප් ඊජිප්තුවේ පැවැත්වෙන ගාසා සාම සමුළුවට එක්වීමට ඒ වෙත යාමට නියමිතව තිබෙනවා.
එම සමුළුව සඳහා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලොනි, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ද සහභාගී වීමට නියමිතයි.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව එම කර්තව්‍ය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ බෙන් ගූරියන් ගුවන් තොටුපොළ වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියා.
ඔහු පිළිගැනීමට අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සහ ජනාධිපති අයිසැක් හර්සොග් ද ගුවන් තොටුපොළට පැමිණ සිටීම ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ අවධානයක් යොමුව තිබුණා.
තවද ජනාධිපති ට්‍රම්ප්ගේ මැදපෙරදිග පිළිබඳව විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ උපදේශක ජෙරාල්ඩ් කුෂ්නර් සහ ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම කුෂ්නර්ගේ බිරිඳ වන ඉවන්කා ට්‍රම්ප් ද මෙලෙස පැමිණි සිටි පිරිසට අයත්.
ඉන් පසු ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන කනාසට් වෙත ගමන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk