2026-01-26 08:58 Hours
ලෝක වෙළෙඳපොලේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවයි.
මේ අතර විශේෂඥයින් පෙන්වා දෙන්නේ රන් මිල තවත් ඉහළ යනු ඇති බවයි.
එය මෙම වසර අග වන විට ඩොලර් 5500 ද ඉක්මවා යනු ඇති බවද ඔවුන් සඳහන් කරනවා.
ඊට අමතරව අනෙක් ලෝහ වර්ග ද මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100ක් ඉක්මවා ගොස් තිබෙනවා.
තවද පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
එය අමෙරිකානු ඩොලර් 2000 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ හේතුවෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම කරුණු මත රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk