2026-04-17 19:42:00 Hours
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කරන්නේ මේ අනුව පෙර පැවැති ඉන්ධන කෝටාව නැවත සක්‍රීය වන බවයි.
උත්සව සාමය හේතුවෙන් පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට හෙට (18) දින දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.
කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගැනීමට එහිදී තීරණය කළා..
තවද ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.
මේ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය කිරීමට ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk