2026-04-18 08:54:00 Hours
පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එම සංස්ථාවේ ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේ මීට පෙර පැවැති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටාව හිමිවනු ඇති බවයි.
උත්සව සමය වෙනුවෙන් පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර තිබුණා.
මේ අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමනක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ඇති.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk