2026-05-27 12:28:00 Hours
ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමාගමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සමස්ථ ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම මත බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේ දී අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk