2026-05-27 20:11 Hours
බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වී ඇති බව හෙළි වීම සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මෙම සැකකාර බන්ධනාගාර රැඳවියා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයකින් මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.
ආරක්ෂක නිලධාරීන් සඳහන් කරන්නේ අදාළ ජංගම දුරකථනයේ දත්ත සහ ඇමතුම් වාර්තා ඉතා සුක්ෂ්ම ලෙස පරික්ෂාවට ලක් කිරීමේ දී මෙම ඇමතුම් සම්බන්ධව තොරතුරු හෙළිව ඇත.
මේ අතර මෙම පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ මහතා පවසන්නේ තමන් කිසිදු සැකකරුවෙකු සමඟ කතා කර නොමැති බවත් මේ පිළිබඳව දැනටමත් CID වෙත ප්‍රකාශයක් ලබාදී ඇති බවත්ය.
අදාළ දුරකථන අංකයට අයත් SIM කාඩ්පත මාලිගාවත්ත ප්‍රදේශයේ තම පක්ෂ ආධාරකාරියකගේ එකක් බවත්, ඇය එය පසුව ඥාතියෙකුට ලබාදී ඇති බවත් ඔහු පවසනවා.
එම ඥාතියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ චෝදනා මත පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි ඔහු සඳහන් කරනවා.
මුජිබුර් රහුමාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමන්ට ලැබුණු සියලු ඇමතුම් එම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙර ලැබුණු බවත්, බන්ධනාගාරය තුළ සිට කිසිදු ඇමතුමක් ලැබී නොමැති බවත්ය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk