2026-04-19 12:44:00 Hours
හිරු නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරි වින්සන් සිල්වා සමඟ ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් වී එෆ් එම් නාලිකා ප්‍රධානි ශනිල් මෙන්ඩිස් මහතා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ භාණ්ඩාගාරික තනතුරෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මේ සම්බන්ධව එම සංසදයේ සභාපති අසංග ජයසුරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.
රූපවාහිනී හා රේඩියෝ විකාශන ආයතන එකතුවී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති සංවිධානයක් ලෙස මෙම සංසදය හැඳින්වෙනවා.
ගම්මඩුව විකාශන මධ්‍යස්ථානයට යාමට ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මුදල් සංගමයේ සාමාජිකත්වය දරන සාමාජික නාලිකාවලින් සපයා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වූ අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර මෙම මත ගැටුම සිදුව තිබෙනවා.
පහත දැක්වෙන්නේ වී එෆ් එම් නාලිකා ප්‍රධානි ශානිල් මෙන්ඩිස් මහතා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය වෙත යැවූ ලිපියයි,
"අසංග ජයසුරිය, සභාපති, විද්‍යුත් විකාශකයින්ගේ සංගමය.
භාණ්ඩාගාරික තනතුරෙන් ඉල්ලා අස්වීම සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධවයි.
අද දින සවස 6න් පසුව ඔබ සංගමයේ භාණ්ඩාගාරික තනතුරෙන් සහ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දීමට කැමැත්තෙමි.
ගම්මඩුව පාර සම්බන්ධව පැන නැගුණ ප්‍රශ්නයකදී හිරු නාලිකාවේ වින්සන් සිල්වා මහතා පවසා සිටියේ භාණ්ඩාගාරික වන මාව හේතුවක් කරගෙන මෙම සංගමයෙන් ඉල්ලා අස්වෙන බවයි.
තවද ඔහු ලක්ෂ 05ක පමණ මුදලක ප්‍රශ්නයක් නිසා මට නඩු දාන බවද පැවසුවා.
එම පාර මාගේ පෞද්ගලික පාරක් නොවෙයි. මගේ ගිණුමටවත් මුදල් අවශ්‍ය වන්නේ නැත. මුදල් බැර කල යුතු වන්නේ සංගමයේ ගිණුමටයි.
දැනට එම පාර වෙනුවෙන් රු. මිලියන 02කට අධික ප්‍රමාණයක් වැය කර තිබෙනවා.
එම මුදල සභාපතිතුමාගේ මැදිහත්වීම මගින් මා හට ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
මින් ඉදිරියට භාණ්ඩාගාරික වශයෙන් හිරු නාලිකාවේ වින්සන් සිල්වා මහතා පත් කරගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.
මෙම ලිපිය ඔබ වෙත ලැබුණ වහාම ඔබ සංගමයේ සියලුම වට්ස්අප් සමුහයන්ගෙන්ද මා ඉවත් වනවා.
නැවත කිසිම හේතුවක් මත ඔබ සංගමයට මාව සම්බන්ධ කර නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
ස්තුතියි ශානිල් මෙන්ඩිස් හිටපු භාණ්ඩාගාරික විද්‍යුත් විකාශකයින්ගේ සංසදය"
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk