2026-04-19 19:40:00 Hours
රජයේ කැබිනට් මණ්ඩලයේ ඉදිරි දින කිහිපය තුළ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වීමට නියමිතව තිබෙනවා.
මේ අනුව පුරප්පාඩුව පවතින බලශක්ති අමාත්‍ය ධූරය සඳහා වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.
රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ හිඩැස පිරවීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවයි.
මීට අමතරව, අමාත්‍ය ධුර කිහිපයක සංශෝධන සිදුවනු ඇති බවද වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk