2026-04-19 11:08:00 Hours
මිදිගම ගංගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මිදිගම යාහුවත්ත ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදු නොමැති අතර නිවසේ ස්ථාන කිහිපයක වෙඩි වැදී තිබුණා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා.
නිවසේ ගේට්ටු විවෘත කර නිවෙස් පරිශ්‍රයට ඇතුළු වී නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයකට ගිනි තබා පසුව වෙඩි ප්‍රහාර 5ක් පමණ එල්ල කර ඇති බව සඳහන්.
නිවසේ හිමිකාර 35 හැවිරිදි ව්‍යාපාරිකයා සමඟ කායවර්ධන මධ්‍යස්ථානයකදී ඇති කරගත් ආරවුලකට මෙම වෙඩි තැබීම මිදිගම ලංසි යන අනුවර්ථන නාමයෙන් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයෙක් විසින් සිදුකර ඇති වාර්තා වනවා.
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම නිවසේ අදාළ ව්‍යාපාරිකයා, බිරිඳ, දරු දෙදෙනා සහ තවත් වැඩිහිටියෙකු නිවසේ සිට ඇති අතර ඔවුන්ට කිසිඳු හානියක් සිදුව නැහැ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මිදිගම පොලිසීය විසින් සිදු කරනු ලබනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk