2026-07-11 21:34 Hours

යල්පැනගිය E-mail Server එකෙන් භාණ්ඩාගාරයේ තොරතුරු අනාරක්ෂිත වෙලා


...

මහා භාණ්ඩාගාරයේ පවතින Email පද්ධතිය 2019 වසරේ දී යල් පැන ගොස් ඇති බව හෙළිව තිබෙනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවේ මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

එහි හුවමාරු වූ පණිවුඩය අනාරක්ෂිත තත්ත්වයක පවතින බවද එම සංසදය පෙන්වා දී තිබෙනවා.

මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව පැවසුවා.

මහා භාණ්ඩාගාරය සතු Email Server එක 2016 වසරේ ලබාගෙන ඇති බව SLCERT නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ තවද එය 2019 වසරේ දී සිට යල් පැනගොස් ඇති බවත් 2026 දක්වා භාවිතා Updates භාවිතා කර නොමැති බවත්ය.

මේ අනුව මහා භාණ්ඩාගාරය සතු තොරතුරු පිටතට ගියේ යල් පැනගිය server එකකින් බවද අනාවරණය වී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) CoPF කමිටුව හමුවේ සඳහන් කර ඇත්තේ, රාජ්‍ය ආයතන සඳහා සයිබර් ආරක්ෂාව සම්බන්ධ මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ආරක්ෂක තක්සේරු සිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම, 2025 සැප්තැම්බර් මාසයේ සිට ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයට ද සයිබර් ආරක්ෂාව සම්බන්ධ උපදෙස් සහ නිර්දේශ ලබාදී ඇති බව ද එහිදී අනාවරණය වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk