2026-06-14 07:33:00 Hours

දැඩි ආරක්ෂාවක් මැද සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් මෙරටට රැගෙන එයි


...

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු සහ බ්ලුමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රීයේ දී මෙරටට රැගෙන එනු ලැබුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර තිබුණා.

ඔවුන් ශ්‍රී ලංකාවෙන් පළා ගොස් අබුඩාබි නුවර සැඟව සිටින අතරවාරයේ මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල රඳවා තබාගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර පසුව මෙරටට පිටුවහල් කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ, නාරහෙන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇත.

තවද බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk