2026-06-14 19:19:00 Hours
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 1854කට අධික මුදලක් විදෙස් ණය ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකළ විමසීමකට අනුව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇති බව සඳහන්.
මේ අනුව 2024 ජනාධිපතිවරණයේ සිට මේ වසරේ මැයි 5 වනදා දින දක්වා කාලය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හැර අමෙරිකානු ඩොලර් මිලියන 1854.77ක මුදලක් ණය වශයෙන් ලබාගෙන තිබෙනවා.
මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ ජනාධිපතිවාරණයට පෙර ගිවිසුම් ගතවූ ව්‍යාපෘති 18කට අදාළව බව සඳහන්.
ඊට බහුපාර්ශවික ණය සහ ද්වී පාර්ශ්වික ණය ඇතුළත්ව තිබෙනවා.
කොරියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය, ජපානය සහ ඉන්දියාව යන රටවලින් මෙම ණය ලබාගෙන ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk