2026-06-06 22:05:00 Hours

සහරා කාන්තාරයේ අතරමං වූ නයිජීරියානුවන් 49 දෙනෙකු පිපාසයෙන් මරුට


...

සහරා කාන්තාරය හරහා ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් කාර්මික දෝෂයට ලක්වීම නිසා එහි ගමන් ගත් පුද්ගලයින් 49 දෙනෙකු දැඩි පිපාසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ගේ මළ සිරුරු ඊයේ (05) සොයාගත් බවයි.

මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි අසමකා ප්‍රදේශයේ සිට සැතපුම් 49කට බටහිර දෙසින් මෙම ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නයිජීරියානු ජාතිකයින් පිරිසකි.

එම පිරිස මාලි රාජ්‍යයේ පැවැති ආගමික උත්සවයකට සහභාගී වී නැවත සිය රට බලා පැමිණෙමින් සිටියදී මෙම බිහිසුණු ඛේදවාචකයට මුහුණ දී ඇති බවයි.

කෙසේ නමුත් මෙම අනතුරෙන් දෙදෙනෙක් දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔවුන් ජලය සොයා කිලෝමීටර් 50කට වඩා වැඩි දුරක් පයින්ම ගමන් කර අනතුරුව අසමකා වෙත ළඟා වී ඇති බව සඳහන්.

එම පිරිස විසින් බලධාරීන්ට ලබාදුන් තොරතුරුවලට අනුව වහාම ක්‍රියාත්මක වූ නයිජීරියානු සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ළඟා වී ඇති අතර එහිදී කාර්මික දෝෂයට ලක්වූ ට්‍රක් රථය සහ ඒ අවට විසිරී තිබූ මළ සිරුරු 49ක් සොයාගෙන තිබෙනවා.

පසුව අදාළ සිරුරු සියල්ලම එම ස්ථානයේම සමූහ මිනී වලක තැන්පත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk