2026-03-05 23:02:00 Hours

IRIS Bushehr නෞකාවට වෙන දේ ගැන ජනපති හෙළි කරයි


...

ඉරාන රාජ්‍යයට අයත් IRIS Bushehr නෞකාව ත්‍රිකුණාමලය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (05) රාත්‍රී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ මහතා කියා සිටියේ එහි 208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිඳු රාජ්‍යයකට ගැටුම්වලදී රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන අයුරින් ආකාරයෙන් භාවිතා කිරීමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

"ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය, අපි අපේ භූමිය, අපේ මුහුදු කාලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙනදෙන ආකාරයේ කටයුතු කරන්න ඉඩදෙන්නේ නැහැ.

එ තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ නෞකාවන් දෙකක් පිළිබඳව ප්‍රශ්නය මතුවී තිබෙන්නේ එහිදීත් අපි අනුගමන කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය.

ඒ වගේම ජාතියක් සහ රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථාභාවය ආරක්ෂාකරන ගමන් මුනුෂත්වය අපි අංක එකට තියෙනවා. ඒ නිසා අපි කිසිසේතම පැකිලෙන්නේ නැහැ මනුෂත්වය ආරක්ෂා කර ගැනීම සඳහා, මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙනවානම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ.

මම හිතනවා එය තමයි රාජ්‍යයකට ගතයුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිවල ඉදගෙන කටයුතු කරනවා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk