2026-06-02 12:39:00 Hours

බස් සංගම් අවසන් තීන්දුවකට සැරසෙයි


...

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණය කිරීම සඳහා බස් රථ නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ එම සාකච්ඡාවෙන් පසුව බස් ධාවනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් අද (02) පෙරවරුවේ රැස්වීමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.

"අද අපේ නියෝජිතයින් සහ අනිත් සංගම් නියෝජිතයින් එනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ, අපේ කර්මාන්තය ඉන්ධන ප්‍රශ්නයෙන් කොහොමද බේරගන්නේ කියලා. ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. ඒ අය යම් ප්‍රතිපත්තියක ඉන්නවා. කෙසේ වෙතත් දැන් මේ මොහොතේ කර්මාන්තය ගෙනියන්න, සියලු බස්හිමියන් එකහෙළා දැනුම්දෙනවා ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරමු කියලා. කෙසේ වෙතත් අපි සංගමයක් විදියට ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණය අද දිනයේ දැනුම් දෙනවා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk