2026-06-04 12:12:00 Hours
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවට අදාළව කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ දේපල සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා.
ගාල්ල පොලීසියට ලද තොරතුරකට අනුව දේපල සොරකම් කිරීමේ සිද්ධියක් පිළිබඳව 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.
පොලීසිය පවසන්නේ අදාළ සැකකරුට පැමිණිලිකාර පාර්ශවය විසින් අමානුෂික ලෙස පහර දී ඇති බවත් ඔහුගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම පහරදීම සම්බන්ධව එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk