2026-06-01 08:36:00 Hours

මීගොඩ දන්සලක් අසල සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 ක් මරුට


...

මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ් රථයක් ධාවනය වීම හේතුවෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ තවත් කුඩා දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මීගොඩ මංසන්ධියේ පැවති දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට ධාවනය වී ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී අදාළ දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, අවුරුදු 32 සහ අවුරුදු 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

පොලීසිය පැවසුවේ මියගිය පිරිස අතර පාදුක්ක ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවලක් ද සිටින බව වාර්තා වනවා.

කැබ් රථයේ රියදුරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk