2026-06-06 15:21:00 Hours

මීගොඩ දන්සැල් ඛේදවාචකය - කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට


...

මීගොඩ මංසන්ධියේ අසළ පැවැති දන්සැල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීම සම්බන්ධව අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

අදාළ අනතුර සිදුකර පලාගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අද (06) උදෑසන මීගොඩ පොලිස් ස්ථානය වෙත නීතිඥයෙකු මාර්ගයෙන් පෙනී සිටි අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් අද (06) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

අදාළ සැකකරුවන් තිදෙනාට අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඊයේ (05) ඔවුන්ගේ රුව සහිත මාධ්‍ය නිවේදනයක් යොමු කළා.

හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේ සිදුවූ මෙම ඛේදජනක රිය අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.

අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන පසුගිය ජුනි 01 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී සැකකරු ජුනි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මේ අතර, විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවූ අවස්ථාවේදී රියැදුරු සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකුද කැබ් රථයේ ගමන් කර ඇති බවයි.

පොලීසිය සඳහන් කළේ රියැදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම තිදෙනා වාහනයෙන් බැස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, ඒ පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කළ බවත්ය.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk