2026-06-04 11:30 Hours
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් අතුරුදහන්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ගින්නෙන් තුවාල ලැබූ 7 දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
තවද එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.
මේ වන විට ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් වෙත යොමු කර ඇත.
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල වැඩහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබුණා.
ගිනි නිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා.
ගින්නෙන් එම මධ්‍යස්ථානයට විශාල හානි සිදුව තිබුණා.
ගින්න ඇතිවන අවස්ථාවේ අදාළ මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙක් පමණ සිට ඇති බව සඳහන්.
පොලීසිය පැවසුවේ පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති එම මධ්‍යස්ථානය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් ද සිට ඇති බවයි.
ගින්නෙන් එම මධ්‍යස්ථානයේ සිටි පිරිසක් පිළිස්සීමට ලක්ව ඇති අතර එලෙස පිළිස්සුනු පුද්ගලයින් 10 දෙනෙක් එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව මළ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk