2026-05-15 22:32:00 Hours
රට තුළ අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දැනටමත් ඉල්ලුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
එම කාර්යාලය නිවේදනය කළේ අද (15) පැවති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේදී අදාළ නිලධාරීන් මේ බව ප්‍රකාශ කළ බවයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම මේ වනවිට ක්‍රියාත්මක ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමුවූ ඇති බව වාර්තා වනවා.
විදුලි පරිභෝජනය තිරසර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
විදුලි පරිභෝජනය නිසි ලෙස කළමනාකරණය කරන නිවෙස් තෝරා පාසල් දරුවන් ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ දරුවන් හරහා ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් අවධානය යොමු කර ඇති බව සඳහන්.
ඉදිරියේදී සිදු කරන ඉදිකිරීම් සඳහා Green Building සංකල්පය හඳුන්වාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳවත් අදහස් හුවමාරු වී ඇත.
රජය නිසි පරිදි බලශක්ති කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාව පවතින අර්බුදය පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ වෙනත් රටවල ඉන්ධන පෝළීම් සහ විදුලිය කප්පාදු කිරීම් සිදුවුවද තම ආණ්ඩුව එම අර්බුදය නිසි පරිදි කළමනාකරණය කළ බවයි.
කෙසේ වෙතත්, අර්බුදය තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බැවින් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
වෙසක් සතිය තුළ අවශ්‍ය පරිදි විදුලිය සැපයීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk