2026-05-15 16:17:00 Hours

පළාත් සභා මැතිවරණය ගැන රජය ලබාදුන් ඉඟිය


...

මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළා.

අමාත්‍යවරයා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය මෙම වසරේ කුමන කාල සීමාවක ද යන්න සම්බන්ධව ප්‍රකාශ කළ නොහැකි බවයි.

"පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk